රාජකීය රග්බි ක්‍රීඩාව නැංවීමට 6 වැනි වසරටත් ම්ධ්ඒ සහාය

  👤  3681 readers have read this article !
By mawbima 2017-02-17

කොළඹ රාජකීය විද්‍යාලයේ රග්බි සංවර්ධන වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමේ තවත් පියවරක් ලෙස ඉදිරි වර්ෂය සඳහාත් පාසල් රග්බි කණ්ඩායම් සඳහා අනුග්‍රාහකත්වය දැක්වීමට කොරියානු ඔටෝ මොබයිල් සමාගමේ කියා (ම්ධ්ඒ) ආයතනය ඉදිරිපත් වී සිටී.

නොකඩවා හයවැනි වසරටත් මෙසේ රාජකීය විදුහලේ රග්බි කණ්ඩායම් සඳහා අනුග්‍රහය දැක්වීමට ම්ධ්ඒ - සමාගම ඉදිරිපත් වී ඇති අතර පළමු පෙළ 15 දෙනාගේ රග්බි කණ්ඩායම ඇතුළුව අවුරුදු 14න් පහළ 16න් පහළ හා 18න් පහළ යන රග්බි කණ්ඩායම් සඳහා බරපැන දරනු ලබන දායකත්ව මුදල රුපියල් මිලියන 27කි. මීට අදාළ ගිවිසුම අස්සන් කිරීම කියා (ම්ධ්ඒ) මෝටර් රථ ආයතනයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය (ශ්‍රී ලංකා) හා රාජකීය විද්‍යාලයීය රග්බි උපදේශක කමිටුවේ සහභාගිත්වයෙන් රාජකීය විද්‍යාලයීය සංකීර්ණයේදී පසුගියදා (15දා) උත්සවශ්‍රී යෙන් සිදු කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon