පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය නව මුහුණුවරකින් ඇරැඹෙයි

  👤  3529 readers have read this article !
By mawbima 2017-02-17

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙවර නව ආරකින් සංවිධානය කරනු ලබන පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය හෙට (18දා) සිට මාර්තු 12 වැනිදා දක්වා පැවැත්වේ.

කණ්ඩායම් 23කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 250 දෙනකු පමණ සහභාගි වීමට නියමිතව ඇති අතර, ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ආසන 16ක වෑන් රථයක් හා හොඳම ක්‍රීඩකයාට සුපිරි කාරයක් ලබාදීමට මෙවර තීරණය කර තිබීමද විශේෂත්වයකි.

තවද මේ වනවිට පැවැත්වෙන පළමු පෙළ අන්තර් සමාජ සිවුදින ක්‍රිකට් තරගාවලියේදීද ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ආසන 16ක වෑන් රථයක්, හොඳම ක්‍රීඩකයාට සුපිරි කාරයක් ලබා දෙන අතර, මෙම ත්‍යාග ඉදිරියේදී පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේදීද ලබාදීමට තීරණය කර තිබීමද කැපී පෙනේ.

ඒ අනුව මෙම නව ක්‍රිකට් තරගාවලිය පිළිබඳව හඳුන්වාදීමේ උත්සවයක්ද පසුගියදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැති අතර, මෙම අවස්ථාව සඳහා කණ්ඩායම් 23 නායකයන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීහු එක්ව සිටියහ.

හෙට ආරම්භ වන සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් 23 නායකයන් - එස්.එස්.සී.-දිමුත් කරුණාරත්න, සැරසන්ස් - හර්ෂ කුරේ, ශ්‍රී ලංකා වරාය අධිකාරිය _ චමින්ද බණ්ඩාර, මුවර්ස් - කෝසල කුලසේකර, පානදුර _ චාමර සිල්වා, ලංකන් එස්.සී.- රජීව් වීරසිංහ, කෝල්ට්ස් - ඩිල්රුවන් පෙරේරා, යුද හමුදා- ජනිත් සිල්වා, ගාලු ක්‍රීඩා සමාජය-සජීව වීරකෝන්, චිලව් මේරියන්ස්-මහේල උඩවත්ත, කුරුණෑගල ක්‍රීඩා සමාජය-අනුරුද්ධ රාජපක්‍ෂ, කළුතර-මනෝජ් දේශප්‍රිය, එන්.සී.සී.-ෆර්වේෂ් මහරුෆ්, බදුරලිය-අලංකාර අසංක, සී.සී.සී-අෂාන් ප්‍රියන්ජන්, බී.ආර්.සී.-හර්ෂ විතාන, ගුවන් හමුදා-රංග දසනායක, පොලීසිය-මහේෂ් ප්‍රියදර්ශන, බ්ලූම්ෆීල්ඩ්-නිපුන් කරුණානායක, ටැමිල් යුනියන් _ කිත්රුවන් විතානගේ, රාගම-ළහිරු තිරිමාන්න, නාවික හමුදාව-සමීර සඳමාල්, කළුතර - සුලන් ජයවර්ධන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්