ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංවර්ධනයට අදාළව ඕස්ට්‍රේලියාව සමඟ අවබෝධතා ගිවිසුමක්

  👤  3522 readers have read this article !
By mawbima 2017-02-17

ශ්‍රී ලංකා රජය හා ඕස්ට්‍රේලියාව අතර සංවර්ධන සහයෝගීතාව සහ ක්‍රීඩාවේ සහයෝගීතාව ශක්තිමත් කිරීම උදෙසා වන අවබෝධතා ගිවිසුමකට අස්්සන් තැබීම පෙරේදා (15දා) ඕස්ට්‍රේලියාවේ කැන්බරාහිදී සිදු කෙරිණි.

එම අවබෝධතා ගිවිසුමට අනුව මෙරට ක්‍රීඩා පුහුණුකරුවන්, කළමනාකරුවන්, වෛද්‍ය වෘත්තීයවේදීන්, ක්‍රීඩා විශේෂඥයන් පුහුණු කිරීම හා හුවමාරු කරගැනීමට මෙන්ම ද්විපාර්ශ්වීය වශයෙන් තහනම් උත්තේජක තාක්ෂණය බෙදාහදා ගැනීම අපේක්ෂා කෙරේ.

මෙම ගිවිසුමට අස්සන් තැබීම, ඔස්ට්‍රේලියාව වෙනුවෙන් එරට ක්‍රීඩා අමාත්‍ය ගේ‍රග් හන්ට් (ට්පඥඨ ඩ්භදබ) මහතා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් සිදුකරන ලදී.

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර වූ දිගු කාලීන සම්බන්ධතා ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඕස්ට්‍රේලියානු සංචාරයට සමගාමීව මෙම අවබෝධතාවට අස්සන් තැබීම සිදුකෙරිණි.

ක්‍රීඩා අමාත්‍යවරුන් දෙපළ අවබෝධතා ගිවිසුමට අස්සන් තැබීමේ අවස්ථාව ඡායාරූපයෙන් දැක්වෙන අතර, ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මල්කම් ටර්න්බුල් හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුද ඡායාරූපයේ සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්