'සයිටම්' ප්‍රශ්නයට ජනපති මැදිහත් නොවන්නේ ඇමැතිවරුන්ගේ බලපෑම් නිසාද?

  👤  3758 readers have read this article !
By mawbima 2017-02-17

ජේ.ටී. ද සිල්වා

සයිටම් ප්‍රශ්නයට ජනාධිපතිවරයා ඍජුවම මැදිහත් නොවන්නේ බලපෑම් කළ හැකි ඇමැතිවරු එතුමාට බලපෑම් කරන නිසයි යන සැකයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා පවසයි. උසස් අධ්‍යාපන ඇමැතිවරයා අධිකරණ තීන්දුවට පිටින් යමින් ව්‍යාජ විසඳුම් ඉදිරිපත් කරන බව වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.

විශ්වවිද්‍යාල පනත ප්‍රකාරව කටයුතු කිරීමට උසස් අධ්‍යාපන ඇමැතිවරයා බැඳී සිටිනවා වගේම වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් කටයුතු කිරීමේදීත් වෛද්‍ය විද්‍යාල පනත ප්‍රකාරව කටයුතු කිරීමට ඇමැතිවරයා බැඳී සිටින බවත් වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වා දෙයි. වෛද්‍ය සභාවේ අනුකූලතාව නොලැබූ සයිටම් ආයතනයෙන් උපාධිය හිමි කරගත් අයට එම්.බී.බී. එස්. උපාධිය ලබාදෙන්නේ නම් වසර දෙකක් සායනික පුහුණුව ලබා සිටින වෛද්‍ය සිසුන් තමන්ටත් එම්.බී.බී.එස්. උපාධිය ලබා දෙන ලෙස ඉල්ලීම් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේ ඊයේ (16දා) පැවැති මාධ්‍ය හමුවකදී වෛද්‍ය නවීන් ද සොයිසා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්