අධ්‍යාපන ඇමැතිගේ චෝදනාව ඔප්පු කළොත් පැය 24න් ඇමැතිකමෙන් මා අස්වෙනවා

  👤  3836 readers have read this article !
By mawbima 2017-02-17

දයා පෙරේරා

වයඹ පළාත් සභාව දේශපාලන ලැයිස්තු මඟින් ගුරුවරුන් බඳවාගෙන ඇති බවට අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ඇමැතිවරයා කරන ලද ප්‍රකාශ තහවුරු කිරීමට හැකි නම් තමා පැය 24ක් ඇතුළත පළාත් අධ්‍යාපන ඇමැති ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව වයඹ අධ්‍යාපන ඇමැති සන්ධ්‍ය එස්. කුමාර රාජපක්ෂ ප්‍රකාශ කරයි.

ඔහුගේ එම ප්‍රකාශය අසත්‍ය නම් වගකීම් රහිත ප්‍රකශයක් කිරීම සම්බන්ධයෙන් සමාව අයැදිමින් අධ්‍යාපන ඇමැති ධුරයෙන් ඉවත් විය යුතු බවත් එය වඩා සදාචාර සම්පන්න බවත් වයඹ පළාත් අධ්‍යාපන ඇමැතිවරයා අකිල විරාජ් කාරියවසම් ඇමැතිවරයාට ලිපියකින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

වයඹ පළාත් අධ්‍යාපන ඇමැතිවරයා එසේ ලිපියකින් දැනුම්දී ඇත්තේ උපාධිධාරී ගුරු පත්වීම් ලබාදීමේදී බලපෑම් කර දේශපාලන ලැයිස්තු මඟින් පත්වීම් ලබාදුන් බවට අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ඇමැතිවරයා පෙරේදා (15දා) කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි.

අකිල විරාජ් කාරියවසම් කරන ලද ප්‍රකාශය ඉතා පහත් මට්ටමේ එමෙන්ම කරුණු කිසිවක් සොයා බැලීමකින් තොරව කරන ලද්දක් වන අතර රටේ වගකිවයුතු අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් එවැනි ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් කනගාටු වන බවද එම ලිපියෙහි දැක්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon