මානව හිමිකම් ආයතන නිසා විනය කඩන ළමයින්ට දැඩි දඬුවම් දෙන්න බෑ

  👤  3549 readers have read this article !
By mawbima 2017-02-17

දයා පෙරේරා

මානව හිමිකම් කොමිෂන් සභාව මෙන්ම වෙනත් ආයතන හරහා සිදු කරන නිර්දේශ හමුවේ විනය කඩ කරන පාසල් සිසුනට එරෙහි විනය ක්‍රියාමාර්ග දැඩිව ක්‍රියාත්මක කිරීමට නොහැකි බව විදුහල්පතිවරු අධ්‍යාපන ඇමැතිවරයාට ප්‍රකාශ කරති.

කොළඹ ආනන්ද, නාලන්දා සහ ඩී.එස්. සේනානායක යන ජාතික පාසල් තුනේ ඇතිවූ සිසු ගැටුම් පිළිබඳව එම විදුහල්හි විදුහල්පතීන් ඇතුළු කොළඹ ප්‍රධාන ජාතික පාසල් හි විදුහල්පතීන් කැඳවා අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් ඊයේ (16දා) සිදු කළ සාකච්ඡාවේදී ඔවුහු එසේ පැවැසූහ.

පාසලේ විනය කඩ කරන සිසුන්ට එරෙහි පියවර ගැනීමේ බලය විනය මණ්ඩලයට පවරා ඇති බවත් එලෙස විනය ක්‍රියාමාර්ග ගැනීමේදී ඇතැම් විදුහල්පතීන් අපහසුවට පත් වන බවත් ඔවුහු සඳහන් කළහ.

ඉදිරියේදී පවත්වන පාසල් ක්‍රිකට් තරගද ආවරණය වන පරිදි සිසුන්ගේ විනය ආරක්ෂා වන ආකාරයට නව විධිවිධාන ඇතුළත් කර ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කරන ලෙසත් ඊට අවශ්‍ය චක්‍රලේඛ සකසන ලෙසත් ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

විදුහල්පතීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර පවතින ප්‍රායෝගික ගැටලු සාකච්ඡා කර පාසල් විනය රැකීම සඳහා කාලීන යෝජනා ඇතුළත් වාර්තාවක් සතියක් තුළ තමාට ලබා දෙන්නැයිද ඇමැතිවරයා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්