බුදුන් වහන්සේගේ සිරස දැක්වෙන මාල, අත් පලඳනා අත්අඩංගුවට

  👤  3786 readers have read this article !
By mawbima 2017-02-17

ගාල්ල - කේ.ඒ.එස්. කුමාර ලලිත් රුහුණගේ

හබරාදුව පොලිස් වසමේ උණවටුන මැටරඹ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයක තිබී බුදුන් වහන්සේගේ සිරස පිළිඹිඹු කරන මාල කිහිපයක් සහ අත්පලඳනා කිහිපයක් ඉකුත් 14 වැනිදා හබරාදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සුනඛ සුරැකුම් මධ්‍යස්ථානය ජර්මානු ජාතික කාන්තාවක විසින් පවත්වාගෙන යනු ලබන අතර මෙහි තිබූ අත් පලඳනා සහ මාල බුදුන් වහන්සේගේ සිරසට සමාන අයුරින් සකස්කර තිබී ඇතැයි පැවසේ.

සිද්ධියට සම්බන්ධ කිසිදු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන නැති අතර හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon