සිසුන් 15 දෙනාට තදින් අවවාද කර ලක්ෂය බැඟින් වූ ශරීර ඇප මත මුදා හරියි

  👤  3629 readers have read this article !
By mawbima 2017-02-17

ඉෂාර රත්නකාර

කොළඹ - එම්.සී. පෙරේරා

පාසල් සිසුවියක් මුල් කරගෙන කොළඹ ආනන්ද සහ නාලන්ද යන විදුහල් දෙකේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් 15 දෙනාට තරයේ අවවාද කළ අධිකරණය එක් සිසුවකට රුපියල් ලක්ෂය බැඟින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස ඊයේ (16දා) නියෝග කළේය.

සිසු ගැටුමට සම්බන්ධ වූ නාලන්දා විද්‍යාලයේ සිසුන් 05 දෙනකු බොරැල්ල පොලිසිය විසින් සැකපිට පෙරේදා (15දා) අත්අඩංගුවට ගත් අතර කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් 08 දෙනකු සහ නාලන්දා විද්‍යාලයේ සිසුන් දෙදෙනකු මරදාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.

බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් 05 දෙනා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කර තිබිණි.
අධිකරණය වෙත ඉදිරිපත් කළ එම සිසුන්ට මින් ඉදිරියට මෙවැනි ක්‍රියාවල නිරත නොවන ලෙස තරයේ අවවාද කළ අතිරේක මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා එක් සිසුවකුට රුපියල් ලක්ෂය බැඟින් ශරීර ඇප මත මුදාහරින ලෙස නියම කළේය.

මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් 10 දෙනා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් දුලානි වීරතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කර තිබිණි.

අධිකරණය වෙත ඉදිරිපත් කළ එම සැකකාර සිසුන් 10 දෙනාට මින් ඉදිරියට මෙවැනි ක්‍රියාවල නිරත නොවන ලෙසට දන්වමින් තරයේ අවවාද කළ මහෙස්ත්‍රාත්වරිය එක් සිසුවකුට රුපියල් ලක්ෂය බැඟින් ශරීර ඇප මත මුදාහරින ලෙස නියම කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon