දඹුලු ලෙන් විහාරයේ බිතු සිතුවම් අනතුරේ

  👤  3529 readers have read this article !
By mawbima 2017-02-17

දයා පෙරේරා

පුස්, දිය සෙවල බැඳීමෙන් සහ කෘමීන්ගෙන් ඓතිහාසික දඹුලු ලෙන් විහාරයේ බිතු සිතුවම්වලට හානිවීම නිසා ඒවායේ පුරාවිද්‍යා වටිනාකමට හානි සිදුවීමේ අවදානමක් මතු වී ඇතැයි එම සිතුවම් පරීක්‍ෂා කළ ඉතාලි ජාතික විශේෂඥයෝ පෙන්වා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

සීගිරි බිතු සිතුවම් පරීක්‍ෂා කිරීමට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්ගේ මැදිහත් වීමෙන් මෙරටට පැමිණි එම විශේෂඥයන් දඹුලු ලෙන් විහාරයේ බිතු සිතුවම්ද පරීක්‍ෂාවට ලක්කර ඇත. එහිදී ඔවුන්ගේ නිගමනය වී ඇත්තේ එම සිතුවම් කෘමීන්ගෙන්, පුස් බැඳීමෙන් හා දිය සෙවල බැඳීමෙන් හානි වී ඇති බවයි.

ඒ පිළිබඳ අවධානය යොමු කළ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් එම බිතු සිතුවම් සංරක්‍ෂණය කඩිනමින් ආරම්භ කරන්නැයි අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
පසුගිය වසර දහයක පමණ කාලයක් තුළ නිසි අයුරින් සංරක්‍ෂණය නොකිරීම හේතුවෙන් විනාශයට පත්වෙමින් පවතී යැයි පැවැසෙන බිතු සිතුවම් ගණන තුන්සියයකට අධික බවද අමාත්‍යාංශය කියයි.

මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස එම සංරක්‍ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාව ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල රජමහවිහාර පරිශ්‍රයේදී ඉකුත්දා පැවැත්විණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්