වික්ටෝරියා ප්‍රාන්ත අගමැතිට ලංකාවට එන්නැයි ආරාධනා

  👤  3656 readers have read this article !
By mawbima 2017-02-17

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය සහ ශ්‍රී ලංකාව අතර වඩාත් සමීප සම්බන්ධතා ඇතිකර ගැනීමේ හැකියාවන් පිළිබඳ සොයා බැලීමට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් විකමසිංහ මහතා සහ වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රමාත්‍ය ඩැනියෙල් ඇන්ඩෘෘස් (ඩ්ධද: ච්චදඪඥත ඒදඤපඥඹඵ) මහතා අතර පැවැති සාකච්ඡාවන්හිදී එකඟත්වයකට එළැඹිණි.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඇති දීර්ඝ කාලීන මිත්‍රත්වය වඩාත් ශක්තිමත් කිරීමට ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා හේතු වනු ඇති බවට 16 වැනිදා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී පැවැති මෙම සාකච්ඡාවේදී විශ්වාසය පළ කෙරිණි.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ පශ්චාත් උපාධි අධ්‍යයන ක්‍ෂේත්‍රයන් තුළ ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීම පිළිබඳව සහ එම ක්‍ෂේත්‍රයන් සඳහා ආයෝජන හා විශේෂඥ දැනුම ලබා ගැනීම පිළිබඳ මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.

ආසියවේ නේපාල, බංග්ලාදේශ ආදී රටවල අවශ්‍යතාද සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවේ අභිලාෂයන්ද ඉටුවන අයුරින් උපාධි ප්‍රදානය කිරීමේ අධ්‍යයන ආයතන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරලීමේ අවකාශයන් සම්බන්ධයෙන්ද මෙ සාකච්ඡාවේදී සැලකිල්ලට යොමු කෙරිණි.

සත්කාරක සේවා, තොරතුරු තාක්‍ෂණය වැනි විෂයයන් පිළිබඳ අධ්‍යයන ආයතන ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා ආයෝජන හා තාක්‍ෂණ දැනුම ලබාදීම සඳහාද වික්ටෝරියා ප්‍රාන්තයේ සැලකිල්ල යොමුවිණි.

ශ්‍රී ලංකාව සමඟ හොඳ හිත තහවුරු කර ගැනීමේ සහ ශ්‍රී ලංකාව සමඟ එක්ව ඇරැඹිය හැකි ව්‍යාපෘති හා ව්‍යවසායන් හඳුනාගැනීමේ අරමුණින් නුදුරේදී ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීමට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා ඇන්ඩෘෘස් මහතාට ආරාධනා කළ අතර, ලබන වසරේ ඒ සඳහා ඉඩකඩ සලසා ගැනීමට අපේක්‍ෂා කරන බව වික්ටෝරියා අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon