1996 ලෝක කුසලාන තරගයේදී අපිව පැරැද්දූ ලංකා කණ්ඩායමේ නායකයා අද මෙහි සිටීම ඓතිහාසිකයි

  👤  3643 readers have read this article !
By mawbima 2017-02-17

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ ඕවර විස්සයි විස්ස ක්‍රිකට් තරග මාලාවක් වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම ක්‍රීඩා කරන පෙරහුරු තරගයක් සංවිධානය කළ පළමු අවස්ථාව ශ්‍රී ලංකාව වෙත ලබාදුන්නේ දෙරටේ මිත්‍රත්වය නිරූපණය කෙරෙන සංකේතයක් ලෙස බව ඕස්ට්‍රේලියනු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් (ඩ්ධද: ර්චතජධථ ඊභපදඡභතත) මහතා පැවැසීය.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කැන්බරා නුවර මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති පෙරහුරු විස්සයි විස්ස තරගයට පෙරාතුව පැවැති විශේෂ භෝජන සංග්‍රහය අවස්ථාවේ පැමිණ සිටි සම්භාවනීයයන් අමතමින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පැවැසුවේ 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරග මාලාවේ අවසන් තරගයේදී ඕස්ට්‍රේලියාව පරාජයට පත් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් අර්ජුන රණතුංග මහතාද මේ අවස්ථාවට එක්ව සිටීම ඓතිහාසික සංසිද්ධියක් බවය.
මනුකා ඕවල් ක්‍රීඩාංගණයේදී ශ්‍රී මත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ක්‍රීඩාගාරයේ පැවැති භෝජන සංග්‍රහයට ඕස්ට්‍රේලියානු අමාත්‍යවරු, ප්‍රධාන අමාත්‍යවරු, රාජ්‍ය තාන්ත්‍රිකයන්, විද්වත් වෘත්තිකයන්, විශ්‍රාමික ක්‍රීඩකයන් ඇතුළු සම්භාවනීයයෝ සහභාගි වූහ.

මෙහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා පැවැසූයේ දෙරට අතර ඇති සමානකම් අතර ක්‍රිකට් උන්මාදය මුල් තැනක් ගන්නා බවය. දෙරටේ මිත්‍රත්වය තහවුරු කරලීමට ක්‍රිකට් ක්‍රීඩාව උපයෝගී කර ගත හැකි බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ මුල් වතාවට විස්සයි විස්ස තරග මාලාවකට පෙරහුරු තරගයකට අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම ලබාදීම පිළිබඳ ස්තුතිය පළ කළේය.

භෝජන සංග්‍රහයෙන් අනතුරුව තරගයේ ආරම්භක උළෙල පැවැති අතර කාසියේ වාසිය උරගා බලන අවස්ථාවට අග්‍රාමාත්‍යවරු දෙපළ සහභාගි වූහ. කාසියේ වාසිය උරගා බලන ලද්දේ ශ්‍රී ලංකාවේ කාසියක් උපයෝගි කර ගනිමිනි.

කණ්ඩායම් දෙක සමඟ ඡායාරූපය සඳහාද අග්‍රාමාත්‍යවරු පෙනී සිටියහ.

ඉන්පසු දෙරටේ ජාතික ගීත ගායනා කෙරිණි. ශ්‍රී ලංකා ජාතික ගීතය ගායනා කළේ ප්‍රසාදිකා වික්‍රමආරච්චි විසිනි.

කාසියේ වාසිය ලද ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමේ අවස්ථාව ඕස්ට්‍රේලියානු පිල වෙත ලබා දුන් අතර අග්‍රාමාත්‍යවරු දෙපළ ප්‍රමුඛ සම්භාවනීයයන් තරගය නැරැඹීමට එක්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon