පිරිවෙන් පනත වැරහැල්ලක් බවට පත්ව ඇතැයි ලංකා පිරිවෙන් ගුරු සංගමය චෝදනා කරයි

  👤  3665 readers have read this article !
By mawbima 2017-02-17

සිදත් මෙන්ඩිස්

පිරිවෙන් පනත නොසලකා හරිමින් අත්තනෝමතික ලෙස කටයුතු කිරීම හේතුවෙන් මේ වනවිට පිරිවෙන් අධ්‍යාපනය බරපතළ කඩාවැටීමකට ලක්ව ඇතැයි ලංකා පිරිවෙන් ගුරු සංගමය චෝදනා කරයි.

අද වනවිට පිරිවෙන් පනත වැරහැල්ලක් බවට පත්ව ඇති බවත් වහාම එම තත්ත්වය නිවැරැදි කළ යුතු බවත් එම සංගමයේ සභාපති පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ පෙන්වා දෙති.

පැය හතරක අධ්‍යාපන කාලසීමාව පැය පහමාරක් දක්වා වැඩි කිරීමට බලධාරීන් සූදානම් වුවත්, එම තීරණයේ ප්‍රායෝගික භාවය පිළිබඳව නොසලකා හැර ඇති බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සඳහා රුපියල් 2,500ක දීමනාවක් ලබාදීමට ආණ්ඩුව යෝජනා කර තිබුණද ඊට අදාළ මුදල් ප්‍රතිපාදන වෙන්කර නොමැති බවත් මාස 10ක කාලයක සඳහා දීමනාව ලබාදීමට රුපියල් කෝටි 80ක මුදලක් අවශ්‍ය වුවද රුපියල් කෝටි 5ක පමණ මුදලක් වෙන්කර ඇති බවත් වකමුල්ලේ උදිත හිමියෝ පැවසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon