සිසුන් 6ක් රෝහලට : තවත් 10ක් අත්අඩංගුවට

  👤  3563 readers have read this article !
By mawbima 2017-02-17

චාමර අමරසූරිය,කොළඹ - එම්.සී. පෙරේරා

මොරටුව ජනජය විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් අවසානයේදී කොතලාපුර විද්‍යාලයේ සිසුන් පිරිසක් හා නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ සිසුන් පිරිසක් අතර පෙරේදා (15දා) පස්වරුවේ ඇතිවූ ගැටුමකින් සිසුන් 06 දෙනකු තුවාල ලබා ඇති අතර තවත් සිසුන් 10 දෙනකු මොරටුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගැටුමෙන් තුවාල ලබා ඇත්තේ කොතලාවල විද්‍යාලයේ සිසුන් හය දෙනකු වන අතර පසුව ඔවුන් ලුනාව රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය පවසයි.
ගැටුම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිසුන් දසදෙනා නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ සිසුන් බවද පොලිසිය කියයි.

මොරටුව පොලිසිය මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon