ඇතැම් පිරිස් ජනපතිටත් ඉහළින් වැඩ කරන්න යෑමෙන් ප්‍රශ්න උග්‍රවෙලා

  👤  3569 readers have read this article !
By mawbima 2017-02-17

පණ්ඩුක සමරසේකර

එක් දිස්ත්‍රික්කයක ඡන්ද බලයක් හිමිකරගත් පිරිස් සමස්ත ජනතාවගේම ඡන්දයෙන් බලයට පත්වූ ජනාධිපතිවරයාට ඉහළින් කටයුතු කිරීමට යෑම නිසා රටේ ප්‍රශ්න උග්‍රවී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

විරුද්ධ පක්ෂයේ සිටියදී කළ ප්‍රකාශයන් අමතක කොට අද සමහර පිරිස් ජනාධිපතිවරයාගේ බලතල පාවිච්චි කරමින් රටේ ප්‍රශ්නවලට තීන්දු තීරණ දීම නිසා ප්‍රශ්න අනාගෙන විකාර කර ගනිමින් රට ජරාවාස කිරීමට ප්‍රයත්න දරන බව පැවසූ අමාත්‍යවරයා, ජනාධිපතිවරයාට දැන් කළ යුතුව ඇත්තේ හෙණ්ඩුව අතට ගනිමින් තම බලතල මත දැඩි තීන්දු තීරණවලට එළැඹීම යැයිද ප්‍රකාශ කළේය.

රටේම ජනවරම ඇත්තේ ජනාධිපතිවරයාට බැවින් රටේ ජනතාවගේ සුබසිද්ධිය පතා දැඩි තීන්දු තීරණ ගන්නා ලෙස තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon