වෛද්‍ය අධ්‍යාපනය නියාමනය කිරීමට වෛද්‍ය සභාවට බලය දෙන්න

  👤  3583 readers have read this article !
By mawbima 2017-02-17

ජේ.ටී. ද සිල්වා

වෛද්‍ය අධ්‍යාපනය නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන වහාම සකස්කර දී එම ආයතනයට බාහිර බලපෑම්වලින් තොරව සිය කාර්යභාරය ස්වාධීනව ඉටුකිරීමට අවශ්‍ය පරිසරයක් සකස් කර දෙන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ තම සංගමයේ විරුද්ධත්වයක් නොමැති වුවද වෛද්‍ය අධ්‍යාපනය සඳහා නිර්ණායක සහ ප්‍රමිතීන් සකස් කිරීම සිදුකළ යුත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින්ම පමණක් බව සංගමයේ ප්‍රබල විශ්වාසය බව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතනයක් මඟින් ප්‍රදානය කරන ලද උපාධියක් සම්බන්ධව මෑතකදී දෙන ලද අධිකරණ තීන්දුව සහ ඉන් අනතුරුව රජයේ විශ්වවිද්‍යාල තුළ පැනනැඟී ඇති දැඩි අර්බුදකාරී තත්ත්වය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය දැඩි අවධානයක් යොමුකර ඇති බවද එහි සඳහන් වෙයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සහ එහි සාමාජික නිලධාරීන්ට පසුගිය වකවානුව තුළ එල්ල වූ ප්‍රහාර හා බලපෑම් දෙස බලන විට මෙම සිද්ධීන් හා පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතන ස්ථාපිත කිරීම අතර දැඩි සම්බන්ධතාවක් පවතින බව පෙනී යන්නේ යැයි එම නිවේදනය මඟින් පෙන්වාදී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon