උඩරට ගිවිසුම අස්සන් කිරීමේදී භාවිත කළ පෞරාණික මේසය සහ පුටුව අස්ගිරි මහ විහාර විජයසුන්දරාරාමයේ

  👤  3570 readers have read this article !
By mawbima 2017-02-17

මහනුවර - කමල් සුරවීර

ආන්දෝලනයට තුඩු දුන් ජෝන් ඩොයිලි උඩරට ගිවිසුම අස්සන් කිරීම සඳහා භාවිත කළ බව සඳහන් පෞරාණික මේසය හා පුටුව මේ වන විට මහනුවර අස්ගිරි මහ විහාර විජයසුන්දරාරාමයේ ආරක්‍ෂිතව තබා ඇති බව අස්ගිරි විහාරවාසී ජේ‍යෂ්ඨ භික්‍ෂුන්වහන්සේ නමක් සඳහන් කළහ.

අස්ගිරි විහාර තල්පතට අනුව ක්‍රිස්තු වර්ෂ 1766දී මෙම විජයසුන්දරාරාම විහාරය පිළිමතලාව සතර කෝරලේ මහ දිසාවේ නිලමේ විසින් කරවන ලද බව සඳහන් වන අතර එම අලුත් විහාරය ක්‍රිස්තු වර්ෂ 1801දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් කරවන ලද බව අස්ගිරි විජයසුන්දරාරාම ශිලා ලේඛනයේ සඳහන් වේ.

අස්ගිරි මහ විහාර විජයසුන්දරාරාමය වත්මන් අස්ගිරි මහ නාහිමි වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් එකල වැඩ වාසය කළ විහාරස්ථානය වන අතර විජයසුන්දරාරාමයේ දැනට වැඩ වාසය කරන අස්ගිරි මහ විහාර කාරක සංඝ සභික අමුණුගම පියරතන නාහිමි විසින් අස්ගිරි විජයසුන්දරාරාමය පිළිබඳව රචනා කරන ලද ග්‍රන්ථයේද මෙම ඓතිහාසික පුටුව හා මේසය පිළිබඳව සඳහන් කොට ඇති බව පැවැසේ. උඩරට ගිවිසුමට අස්සන් කළ උඩරට ප්‍රභූවරයකු වන රඹුක්වැල්ල දිසාව විසින් අස්ගිරි මහ විහාර විජයසුන්දරාරාමය වෙත මෙම ඓතිහාසික මේසය හා පුටුව පූජා කළ බව අස්ගිරි මහ විහාර කාරක සංඝ සභික පූජ්‍ය ආචාර්ය ගොඩගම මංගල නාහිමියෝ පැවැසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon