මන්ත්‍රි ධුරය අහිමි කිරීම පිළිබඳ කිසිදු සංවාදයකට මම නෑ

  👤  3578 readers have read this article !
By mawbima 2017-02-17

සිදත් මෙන්ඩිස්

පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහිමි කිරීම හෝ විනය පියවර ගැනීම සම්බන්ධයෙන් තමන්ට කිසිදු සංවාදයක් නොමැති බවත් රට තුළ පවතින දැවෙන ප්‍රශ්න ගැන කතා කිරීම එකම පරමාර්ථය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ පවසති.

රතන හිමියන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට හා මන්ත්‍රි ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව රැස්වන බවට පළ වූ වාර්තා පිළිබඳව "මව්බිම" කළ විමසීමකට පිළිතුරු දෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරන බව රතන හිමියෝ පසුගියදා පැවැසූහ.

මේ අතර අතුරලියේ රතන හිමියන් පිළිබඳ විනය පියවර ගැනීමට සහ මන්ත්‍රි ධුරය ගැන සාකච්ඡා කිරීමට ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව අද රැස්වීමටද නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon