වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය අනුමත කරගැනීම ඇමැති රාජිත වැළැක්වූවා

  👤  3609 readers have read this article !
By mawbima 2017-02-17

ජේ. ටී. ද සිල්වා

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න මහතා තනතුර අපහරණය කරමින් කටයුතු කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුවත් කර ඇත.

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීමට, හිටපු සෞඛ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු උත්සාහ ගත් අවස්ථාවේ එය සම්මත වීම වැළැක්වීමට කටයුතු කළේ වෛද්‍ය රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා බවට වූ තොරතුරු හැන්සාඩ් වාර්තාවලින් හෙළිවෙමින් පවතින බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

නිමල් සිරිපාල ද සිල්වා සහ මෛත්‍රිපාල සිරිසේන යන හිටපු සෞඛ්‍ය ඇමැතිවරුන් දෙදෙනා එසේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීමට ගත් උත්සාහය එසේ වැළැක්වීමේ රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ ක්‍රියාකලාපය වෛද්‍ය සභාවට හා රෝගී අයිතිවාසිකම්වලට පටහැනි බව තහවුරු වී ඇතැයිද වෛද්‍ය නවීන් ද සොයිසා පෙන්වා දෙයි.

වෛද්‍ය ආඥා පනතට අදාළව විෂය භාර ඇමැතිවරයා ලෙස වර්තමාන සෞඛ්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න ක්‍රියාකර ඇත්තේ මීට පෙර සිටි සෞඛ්‍ය ඇමැතිවරුන්ගේ ක්‍රියාකාරිත්වයට හාත්පසින්ම පරස්පර වන ලෙස බවද හෙතෙම සඳහන් කරයි.

වෛද්‍ය සභාව රෝගීන් වෙනුවෙන් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ බලාත්මක කිරීම සෞඛ්‍ය ඇමැතිවරයා වෙත පවරා ඇති බව වෛද්‍ය ආඥා පනතේ දක්වා ඇති බවද වෛද්‍ය නවීන් ද සොයිසා අවධාරණය කරයි.

සයිටම් නඩුවෙන් පෙන්වා දෙන පරිදි ඇමැතිවරයා තාක්ෂණික වැරැදි දෙකකට වගකිව යුතු බවද වෛද්‍ය නවීන් ද සොයිසා පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon