අක්කා මිය ගිය පුවත අසා දුක දරාගත නොහැකිව මල්ලී මිය ගිහින්

  👤  3637 readers have read this article !
By mawbima 2017-02-17

හාවාඑළිය - චන්ද්‍රසිරි මහගම

තම වැඩිමහල් සොහොයුරිය මිය ගිය පුවත ඇසූ සැණින් දුක දරාගත නොහැකිව හදවත් රෝගයක් වැලඳුණ අයෙක් උඩුපුස්සැල්ලාව රෝහල වෙත රැගෙන යන විට මිය ගොස් ඇත.

එසේ මිය ගොස් තිබුණේ තෙරිපැහැ පොලිස් වසමට අයත් පින්නකැටිය, කොටඹේ, කුඹල්වෙල පදිංචිව සිටි ඩබ්ලිව්. ටී. සලමන් ජයවර්ධන නමැති 45 හැවිරිදි අයෙකි. ඔහුගේ වැඩිමහල් සහෝදරිය වූ ඩබ්ලිව්. ටී. ගුණවතී ජයවර්ධන නම් අවිවාහක 53 හැවිරිදි කාන්තාව කිසියම් ආබාධයකට ලක්ව මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 13දා මියගොස් තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon