හිටපු සභාපති භාෂ්්වර සේනාංකගේ බැංකු ගිණුම් පරීක්ෂා කරන්න උසාවියෙන් නියෝග

  👤  3563 readers have read this article !
By mawbima 2017-02-17

අමිල අබේරත්න

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සතු මුදල් අවභාවිත කිරීමේ සිද්ධිය පිළිබඳව දැනට ඇප මත මුදා හැර සිටින සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු සභාපති භාෂ්වර සේනාංක ගුණරත්න මහතාගේ බැංකු ගිණුම් වාර්තා පිළිබඳව සහ සිදුකරන ලද අයථා ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය පෙරේදා (15දා) නියෝග කළාය.

මහෙස්ත්‍රාත්වරිය එලෙස නියෝග කරනු ලැබුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් භාෂ්වර සේනාංක ගුණරත්න මහතාගේ බැංකු ගිණුම් වාර්තා පරීක්ෂා කිරීමට අවසර ලබා දෙන ලෙස අධිකරණය කළ ඉල්ලීමට අනුවය.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සතු මුදල්වලින් හිටපු සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිවරයා විසින් අයථා දේපළ මිලදී ගැනීම් සහ වෙනත් වත්කම් මිලදී ගැනීම් සිදුකර තිබෙන බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නේය.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සතු මුදල්වලින් මිලියන 29ක මුදලක් මෙරට ප්‍රසිද්ධ මූල්‍ය සමාගමක තැම්පත් කර ඇති බවද එම නිලධාරියා අධිකරණය හමුවේ පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්