බහාලුම් 8ක් රේගුවෙන් මුදාහැරියේ නීතිපති උපදෙස් මතයි

  👤  3629 readers have read this article !
By mawbima 2017-02-17

අමිල අබේරත්න

පාවිච්චි කරන ලද වාහන අමතර කොටස් මෙරටට ගෙන්වන පෞද්ගලික ආයතනයක් විසින් ආනයනය කරන ලද වාහන අමතර කොටස් අඩංගු බහාලුම් 8ක් රේගුවෙන් නිදහස් කරන ලෙස මහා භාණ්ඩාගාරයේ ලේකම් විසින් නියෝගයක් නිකුත් කළේ නීතිපතිවරයා විසින් දෙන ලද උපදෙස් මත සහ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

වාහන එකලස් කිරීමේ නිරත එම පෞද්ගලික සමාගම විසින් 2011 වසරේදී ශේ්‍රෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව අනුව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකාරක කමිටුවේ නිර්දේශ මත ගනු ලැබූ තීරණයකට අනුව අදාළ ආයතනය වෙත එලෙස සහන සැලසීමට කටයුතු කර ඇති බවද මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මුදල් අමාත්‍යවරයා ඇමැති මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කළේ එය ඔහුගේ විෂයට අදාළ කරුණක් නිසා මිස පෞද්ගලික අවශ්‍යතාවක් මත ගත් තීරණයක් නොවන බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

එසේ වුවද ඇතැම් දේශපාලනඥයන් ඇතුළුව සමහර මාධ්‍ය මඟින් වාහන ජාවාරම්කරුවන්ට සහන ලබාදීම සඳහා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා කටයුතු කරන බවට ප්‍රචාරය කිරීම ද්වේෂසහගත බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

අමාත්‍යාංශය සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් සාමූහික වගකීම දැරිය යුතු වුවද එහි ඇතැම් සාමාජිකයන් මාධ්‍ය වෙත විවිධ ප්‍රකාශ නිකුත් කිරීම තුළින් අමාත්‍ය මණ්ඩලය විසින් තීන්දු තීරණ ගනු ලබනුයේ පෞද්ගලික අරමුණු මත යන වැරදි මතයක් මහජනතාව තුළ ඇති කරවීම ආණ්ඩු විරෝධීන්ට අවි සැපයීමක් ලෙස මෙය හැඳින්විය හැකි බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon