සාදය ගුටි කෙළියක් වී පොලිස් නිලධාරියෙක් රෝහලේ

  👤  3641 readers have read this article !
By mawbima 2017-02-17

මතුගම-වසන්ත කුමාර

අලුත්ගම නිවාඩු නිකේතනයක පසුගිය 14දා රාත්‍රි පැවැති සාදයකදී ඇතිවූ වචන හුවමාරුවකින් සාදයට සහභාගි වූ පොලිස් නිලධාරියකු පහර කෑමට ලක්ව කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි අලුත්ගම පොලිසිය කියයි.

දකුණු කළුතර පොලිසියට අනුයුක්තව සේවය කරන පහර කෑමට ලක්වූ නිලධාරියා නිවාඩු ලබා සාදයට සහභාගි වී ඇති අතර සාදයේදී පුද්ගලයකු සමඟ ඇතිවූ වචන හුවමාරුවකින් පසුව පොලිස් නිලධාරියාට පොල්ලකින් පහරදුන් බව කියන සැකකරු අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි.

අලුත්ගම පොලිස් ස්ථානාධිපති ජයසම්පත් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වා සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි අලුත්ගම පොලිසිය කියයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon