යතුරුපැදියක් අනතුරකට ලක් කොට පලාගිය රජයේ අධි නීතිඥවරයෙක් ඇප මත මුදා හැරේ

  👤  109 readers have read this article !
By mawbima 2017-02-16

කුමුදු උපුල් ශාන්ත

රාත්‍රි කාලයේ පැපිලියාන ප්‍රදේශයේදී යතුරුපැදියක යමින් සිටි පුද්ගලයකු බරපතළ අනතුරකට ලක්කර පලාගිය බව කියන රජයේ අධි නීතිඥවරයකු ඇප මත මුදා හරින ලෙස නියෝග කළ නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් අනුෂ්ක සෙනවිරත්න මහතා නඩු විභාගය අවසන් වන තෙක් ඔහුගේ රියැදුරු බලපත්‍රය අත්හිටුවන ලෙසට නියෝග කළේය.

සැකකාර නීතිඥවරයාට රුපියල් දස දහසක මුදල් හා රුපියල් පනස් දහසක් බැගින් ශරීර ඇප දෙකක් නියම කෙරුණු අතර සිද්ධියෙන් බරපතළ තුවාල ලත් යතුරුපැදිකරුට රුපියල් හැත්තෑපන් දහසක වන්දියක් ගෙවන ලෙසටද නියෝග කෙරිණි.

සැකකාර නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කළ බොරලැස්ගමුව පොලිස් රථ වාහන අංශයේ සැරයන් වික්‍රමසිංහ (56958) මහතා අධිකරණයට ඉදිරිපත් කළ තොරතුරුවලින් අනාවරණය කෙරුණේ ඉකුත් 7දා රාත්‍රි 10ට පමණ සැකකාර නීතිඥවරයාගේ මෝටර් රථයට යතුරුපැදිකරු යටවී බරපතළ තුවාල ලබා ඇති බවත් ඒ අවස්ථාවේ එම ස්ථානයට පැමිණි පුද්ගලයන් තුවාලකරු රෝහල වෙත ගෙන යන ලෙසට සැකකාර නීතිඥවරයාට දන්වා ඇති බවත්ය.

අවට සිටි පුද්ගලයන්ගේ ඉල්ලීමට අවනත වූ සැකකාර පුද්ගලයා තුවාලකරු රෝහල වෙත රැගෙන යන අදහසින් මෝටර් රථයට නැඟ පලාගොස් ඇති බවද පසුව එහි සිටි පුද්ගලයකු එකී මෝටර් රථයේ අංකය ලියා ගැනීමෙන් පසු දින කිහිපයකට පසු අත්අඩංගුවට ගෙන ඇති බවද අනාවරණය කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්