මර්ක්මැරයින් ප්‍රිමියර් ලීග් ක්‍රිකට්

  👤  3410 readers have read this article !
By mawbima 2017-02-16

9 වැනි මර්ක්මැරයින් ප්‍රිමියර් ලීග් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ සිවුවන වරටත් ශූරතාව දිනාගැනීමට ලංකා ඇකඩමි කණ්ඩායම සමත් වූයේ අවසන් තරගයේදී ආර්.ඊ.එෆ්. කණ්ඩායම පරාජයට පත් කරමිනි.

අවසන් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ආර්.ඊ.එෆ්. කණ්ඩායම පන්දුවාර 5කදී කඩුලු දෙකකට ලබාගත් ලකුණු 70ට පිළිතුරු සැපයූ ලංකා ඇකඩමි කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසුකිරීමට සමත් විය. එහිදී දක්‍ෂතම පිතිකරුවා ලෙස ආර්.ඊ.එෆ්. කණ්ඩායමේ සී.ජේ. ආරියසිංහත්, ලංකා ඇකඩමි කණ්ඩායමේ කේ.එස්.අයි. ඉන්දික තරගාවලියේ දක්‍ෂතම පන්දු යවන්නා ලෙසත්, එම කණ්ඩායමේම විමුක්ති ජයමාන්න තරගාවලියේ දක්‍ෂතම පිතිකරුවා ලෙසත් සම්මාන දිනාගත්තේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්