ලොකුසූරියගේ ගෙන් ලොකු සහායක් ලංකා කාන්තාවෝ පළමු කඩුල්ල පනිති

  👤  3455 readers have read this article !
By mawbima 2017-02-16

අයි.සී.සී ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටය ආරම්භ කරමින් ඊයේ කොළඹ එන්.සී.සී. ක්‍රිකට් පිටියේදී පැවැති ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයෙන් කඩුලු 05 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා තිබූ පළමු බාධකය ජය ගැනීමට සමත්විය.

එම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසන කඩුලු 7ක් දැවී ලකුණු 212ක් රැස් කිරීමට සමත්වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුවාර 47.4ක් තුළ කඩුලු 05 ක් පමණක් දැවී ලකුණු 216ක් රැස් කරමින් තරගය ජය ගැනීමට සමත්වූහ.

ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියන් දෙපළ වූ නිපුනි හංසිකා සහ චමරි අතපත්තු පළමු කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 75ක සබඳතාවක් ගොඩ නැඟීමට සමත්වූ අතර ඉනිමේ 16 වැනි පන්දු වාරයේදී පළමු කඩුල්ල ලෙස චමරි අතපත්තු දැවී යන විට හතරේ පහර 6ක් සමඟ පන්දු 43කදී ලකුණු 35ක් රැස් කිරීමට සමත් වූවාය. අනුතරුව ඉනිමේ 18 වැනි පන්දු වාරයේදී සාර්ථකව පන්දුවට පහර දෙමින් සිටි නිපුනි හංසිකාද ලකුණු 37කට දැවී ගිය අතර එම දැවී යෑමෙන් අනතුරුව නැවතත් 4 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ ප්‍රසාදිනී වීරක්කොඩි සහ ඒෂාන් ලොකුසූරියගේ ලකුණු 88ක සබඳතාවක් ගොඩ නඟමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය පහසු කළ අතර එහිදී වීරක්කොඩි පන්දු 71කදී හතරේ පහර 2ක් සමඟ ලකුණු 45කුත්, ඒෂානි ලොකුසූරියගේ පන්දු 75 කදී හතරේ පහර 08ක් සමඟින් නොදැවී ලකුණු 65කුත් රැස් කර ගනිමින් කැපී පෙනෙන දස්කම් දැක් වූවාය.

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානු කණ්ඩායමේ පළමු කඩුල්ල මුළු ලකුණු 3ක්ව තිබියදී දවා ගැනීමට ශ්‍රී පාලි වීරක්කොඩි සමත් වුවද දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 119ක සබඳතාවක් ගොඩ නඟමින් පාකිස්තානු ඉනිම ශක්තිමත් කිරීමට නහිදා ඛාන් සහ ජවෙරියා ඛාන් සමත් වූහ. එම දෙවැනි කඩුල්ලේ සබඳතාව නිසාම ලකුණු 212ක් වැනි ලකුණු පුවරුවක් ප්‍රතිවාදීන් වෙත ලාබා දීමට පාකිස්තානයට හැකි වූ අතර අංක 4 පිතිකාරිනිය ලෙස පිටියට පිවිසි බිෂ්මාහ් මාරූෆ් (20) හැරෙන්නට සෙසු පිතිකාරිනියන් හට සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ අවස්ථාව ලබා නොදුන්හ.

මේ අතර සුපිරි 6 වටයට අදාළව කොළඹ සී.සී.සී. පිටියේදී පැවැති අයර්ලන්තය සහ බංග්ලාදේශය අතර තරගයෙන් කඩුලු 7ක ජයක් අත් කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වූ අතර පී. සරා ක්‍රීඩාංගණයේදී පැවැති ඉන්දියා-ද.අප්‍රිකා තරගයෙන් ලකුණු 49ක ජයක් ලබා ගැනීමට ඉන්දියානු කණ්ඩායම සමත්විය. සුපිරි 6 වටයේ තවත් තරග 3ක් හෙටත් පැවැත්වේ.
සටහන - කෝසල ගමගේ
ඡායාරූපය _ තාරක බස්නායක

ශ්‍රී ලංකා - පාකිස්තාන්
තරග සාරාංශය
පාකිස්තානය
(පන්දුවාර 50 අවසන
කඩුලු 7කට) _ 212
(නහිදා ඛාන් 64, ජවෙරියා ඛාන් 63,
බිෂ්මාහ් මාරූෆ් 20,
ඉනෝකා රණවීර 33/2,
චමරි පොල්ගම්පොල 34/2,
උදේශිකා ප්‍රබෝධිනි 34/1)

ශ්‍රී ලංකාව
(පන්දාවර 47.4කදී
කඩුලු 05කට ) - 216
(නිපුනි හංසිකා 37,
චමරි අතපත්තු 35,
ප්‍රසාදිනි වීරක්කොඩි 45,
ඒෂානි ලොකුසූරියගේ නොදැවී 65, ගුලාම් ෆාතිමා 28/2)

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon