දෙරට ප්‍රතිවාදීන් ලෙස ක්‍රියා කරන්නේ ක්‍රිකට් ක්‍රිඩාවේදී පමණයි

  👤  3380 readers have read this article !
By mawbima 2017-02-16

ඉන්දීය සාගරයේ ආර්ථිකය හා මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ ප්‍රයත්නය සාර්ථක කර ගැනීම උදෙසා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහාය ලබා දීමටත්, දෙරට අතර ආර්ථික, දේශපාලන හා සමාජයීය සබඳතා තව තවත් පුළුල් හා ශක්තිමත් කරලීමේ නව ප්‍රවේශයන් කරා එළැඹීමටත් ක්‍රියා කරන බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් (ඩ්ධද. ර්චතජධතථ ඊභපදඡභතත) මහතා පැවැසීය.

15 වැනිදා පෙරවරුවේ ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පාර්ලිමේන්තු මන්දිරයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස හමුවෙමින් ටර්න්බුල් මහතා අවධාරණය කළේ දෙරට අතර වසර 70ක රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැමරීම නිමිති කොට ගෙන වික්‍රමසිංහ මහතාගේ ඕස්ට්‍රේලියානු නිල සංචාරය සංවිධානය කරලීමට ලැබීම සතුටට කරුණක් බවයි.

1954 වසරේ ශ්‍රී මත් ජෝන් කොතලාවල මහතා ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක යෙදීමෙන් පසු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයකු ඕස්ට්‍රේලියාවේ ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා සහභාගි වූ ඓතිහාසික අවස්ථාව වෙනුවෙන් පාර්ලිමේන්තු මන්දිරයේදී අභිමානවත් පිළිගැනීමේ උළෙලක්ද සංවිධානය කර තිබිණි.

ආචාර වෙඩි මුර 19ක් පැවැත්වීමෙන් පසු ශ්‍රී ලංකා ජාතික ගීය වාදනය කෙරුණු අතර වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ආචාර පෙළපාළියක්ද පැවැත්විණි. වික්‍රමසිංහ මහතා ආචාර පෙළපාළිය හා තූර්ය වාදක කණ්ඩායම නිරීක්ෂණයෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු අගමැතිවරයා විසින් සෙනෙට් සභාවේ සභාපති ස්ටීවන් පැරි (ඩ්ධද. ඉබඥනඩඥද ර්ථීචපපර), පාර්ලිමේන්තුවේ කතානායක ටෝනි ස්මිත් (ඩ්ධද. ඊධදර ඉථඪබඩ), රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ සභාපති සහ පැපුවා නිව්ගිනියා මහ කොමසාරිස් ආචාර්ය කැත්රින් ලෙපානි (ච්ප. ම්චබඩඥපඪදඥ ඹ්ඥනචදඪ), විපක්ෂ නායක බිල් ෂෝර්ට්න් (ඩ්ධද. ඕඪතත ඉඩධපබඥද), ආරක්ෂක හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් මාර්ක් බින්ස්කින් (ඒඛ්ර් ර්චපඬ ඕඪදඵඬඪද), ප්‍රධාන ඕස්ට්‍රේලියානු නියෝජිත පිරිස වික්‍රමසිංහ මහතා වෙත හඳුන්වා දෙන ලදී.

වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකා දූත පිරිස ටර්න්බුල් මහතා වෙත හඳුන්වා දෙනු ලැබූයේ ඉන්පසුවය. දෙරටේ අග්‍රාමාත්‍යවරුන් විශේෂ පීඨිකාවට ප්‍රවිෂ්ට වීමෙන් පසු දෙරටේම ජාතික ගී වාදනය කෙරිණි. පසුව පාර්ලිමේන්තු මන්දිරය වෙත දූත පිරිස කැඳවාගෙන යනු ලැබූ අතර, වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය අමුත්තන්ගේ සටහන් පොතෙහි අස්සන් තැබූහ.

දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර නිල සාකච්ඡා ඇරැඹුණේ ඉන් අනතුරුවය.

ආර්ථික වර්ධනය කරලීම සහ ජාතික සමඟිය හා සංහිඳියාව ඇති කරලීම සඳහා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන් යටතේ ශ්‍රී ලංකාව නව මාවතකට ප්‍රවේශ වී තිබීම සම්බන්ධව අග්‍රාමාත්‍ය ටර්න්බුල් මහතා ප්‍රසාදය පළ කළේය. ශ්‍රී ලංකාවේ පැරැණි මිතුරකු වශයෙන් සැම විටම ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට ක්‍රියා කරන බවද ඔහු අවධාරණය කළේය.

මෙහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා පැවැසූයේ ඕස්ට්‍රේලියානු - ශ්‍රී ලංකා මිත්‍රත්වය වසර 100කට අධික කාලයක් තිස්සේ පැවැත එන බවය. ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයන්ට මුහුණ දුන් අවස්ථාවන්හි පවා ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා විශේෂ ස්තුතිය පළ කළේය. දෙවැනි ලෝක යුද සමයේදීත්, පශ්චාත් යුද සමයේත් දෙරට අතර පැවැති සම්බන්ධතා සිහිපත් කළ වික්‍රමසිංහ මහතා කොළඹ ක්‍රමය වැඩ සැලැස්ම ක්‍රියාවට නැංවීමත් සමඟම දෙරටේ සම්බන්ධතාවන් නව මානයකට එසැවුණු බව පෙන්වා දුන්නේය.

මිනිස් ජාවාරම් වැළැක්වීම හා නීති විරෝධී සංක්‍රමණයන්ට වැට බැඳීම උදෙසා ශ්‍රී ලංකාව නිරතුරුවම ලබා දෙන සහයෝගය ටර්න්බුල් මහතාගේ පැසසීමට ලක්විය.
කලාපීය වෙළෙඳ කටයුතු ඉහළ නැංවීම සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය කෝට්ටේ ප්‍රකාශනයට අනුව වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පුළුල් කරලීමේ හැකියාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කෘෂි ව්‍යාපාර, කැණීම්, බලශක්ති, සංචාරක ආදී ක්‍ෂේත්‍රයන් තුළ ආයෝජන අවස්ථා වැඩිදියුණු කරලීම සම්බන්ධවත් ඒ ඒ ක්‍ෂේත්‍රයන්හි ගුණාත්මකභාවය හා තාක්ෂණික ශක්‍යතාවන් වැඩිදියුණු කිරීමේ අවස්ථාවන් සම්බන්ධවත් අදහස් හුවමාරු කර ගැනිණි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ නව කඩිනම් සංවර්ධන ක්‍රියාවලියට අවශ්‍ය බල ශක්ති උත්පාදනයේදී ඕස්ට්‍රේලියාව වෙතින් ලබා ගත හැකි සහාය සම්බන්ධවද කරුණු පැහැදිලි කෙරිණි. අධ්‍යාපන හා ආරක්ෂක ක්‍ෂේත්‍රයන් තුළ දැනට පවත්වාගෙන යනු ලබන ද්විපාර්ශ්වික සහයෝගිතා වැඩපිළිවෙළ අනාගතයේදී මීටත් වඩා පුළුල් කළ යුතු බව දෙපාර්ශ්වයේම අදහස විය. විශේෂයෙන්ම සමුද්‍ර ආරක්ෂාව සම්බන්ධව ගත යුතු ඒකාබද්ධ ක්‍රියාමාර්ගයන් පිළිබඳ සැලකිල්ල යොමු විණි.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙතින් ඕස්ට්‍රේලියානු ආර්ථිකය හා වෙනත් ක්‍ෂේත්‍ර නඟාසිටුවීම සඳහා ලැබෙන දායකත්වය අගය කළ ටර්න්බුල් මහතා ඔවුන්ගෙන් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි සේවාවන් සම්බන්ධවද අවධානය යොමු කළ යුතු බව පැවැසීය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අය - වැය කාර්යාංශයක් ස්ථාපිත කරලීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරුණු අතර ඒ සඳහා සහාය ලබා දීමට ඕස්ට්‍රේලියාව සූදානම් බව ටර්න්බුල් මහතා පැවැසීය.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා සහභාගි වන මෙන් වික්‍රමසිංහ මහතා ඕස්ට්‍රේලියානු අගමැති ටර්න්බුල් මහතාට ආරාධනා කළේය. දෙපාර්ශ්වයටම ගැළපෙන අවකාශයක තමන්ට ඒ සඳහා සහභාගි වීමට හැකි බව ටර්න්බුල් මහතා පැවැසීය.

ඕස්ට්‍රේලියානු පාර්ශ්වය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය දෙපාර්තමේන්තුවේ සහ කැබිනට් මණ්ඩල ලේකම් මාර්ටින් පාර්කින්සන්, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හච්චසන් ඇතුළු නිලධාරීහු මේ අවස්ථාවට සහභාගි වූ අතර වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෝමසුන්දරම් ස්කන්ධකුමාර්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් හිමාලි අරුණතිලක, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකා පාර්ශ්වය නියෝජනය කරමින් මේ සාකච්ඡාවට එක්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්