ශ්‍රී ලංකා ටෙලිකොම් හියුමන් කැපිටල් සොලූෂන් විරෝධතාවට එරෙහිව උසාවියෙන් නියෝග

  👤  3093 readers have read this article !
By mawbima 2017-01-12

හර්ෂනි අර්සකුලරත්න

දැනට වැඩ වර්ජනයෙහි යෙදී සිටින ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ වෘත්තීය සමිති කිහිපයකට හා හියුමන් කැපිටල් සොලූෂන් ආයතනයෙහි සේවකයන්ගේ වැඩවර්ජන විරෝධතාවට එරෙහිව නියෝගයන් කිහිපයක් කොළඹ දිසා අධිකරණය හා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරනු ලැබ ඇත. ඒ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නඩු අංක ඕ 4132/16ට අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් හා හියුමන් කැපිටල් සොලූෂන් ආයතනයේ සේවකයන්ටද මාර්ගයේ ගමන් ගන්නා රථවාහන හා මහජනතාවට පීඩා වන සේ පදිකවේදිකාව හා මහ මාර්ගය භාවිත කරමින් විරෝධතා පැවැත්වීම තහනම් කර නියෝගයක් නිකුත් කර තිබේ.

තවද කොළඹ දිසා අධිකරණ නඩු අංක (3/2017/ච්ඉර්ථී) අනුව වැඩ වර්ජනයේ යෙදී සිටින ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙහි වෘත්තීය සමිති කිහිපයකට මේ මස 19 වැනිදා දක්වා පනවා ඇති වාරණ නියෝගයට අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට හෝ එහි සේවකයන්ට අයත් කිසිදු චංචල සහ නිෂ්චල දේපළකට හානි කිරීම තහනම් කර ඇත.
එමෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් කොන්ත්‍රාත් ක්‍රමයට හෝ වෙනයම් ක්‍රමයකට සේවය ලබාගන්නා සේවකයන් හෝ පුද්ගලයන්ට තර්ජනය කිරීම, අපහාස කිරීම සහ ඔවුන්ගේ සේවා ස්ථානවලට පැමිණීම වැළැක්වීම සහ ඔවුන් බියවද්දා එම සේවා ස්ථානවල සේවය කරන විට පිටතට ගෙන යෑම හෝ එම සේවකයන්ගේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සේවය කිරීමේ කටයුතුවලට සම්බන්ධව කිසිදු අයුරකින් බාධා කිරීමද එමඟින් වළක්වා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon