පක්ෂයේ මතය මගේ ස්ථාවරය තීරණය කරාවි

  👤  3273 readers have read this article !
By mawbima 2017-01-12

සවනි ශේශාධි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නැවතත් 2020 වර්ෂයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම අවස්ථාවේදී ගන්නා තීරණය අනුව තම ස්ථාවරය තීරණය වනු ඇතැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ පවසයි.

හිටපු ජනාධිපතිවරයා ඒ බව පවසා සිටියේ ඊයේ (11දා) ට්විටර් පණිවුඩය හරහා ජනතාව අසන ප්‍රශ්නවලට පිළිතුරක් ලබා දෙමිනි. 2020 වර්ෂයේදී මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වුවහොත් පක්ෂයේ අනුශාසක ලෙස එතුමාට සහාය ලබා දෙන්නේ දැයි ට්විටර් පණිවුඩයක් මඟින් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස හිටපු ජනාධිපතිවරයා මේ බව සිය ට්විටර් ගිණුමට පණිවුඩයක් ලෙසින් එක්කර ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ බාල සහෝදරයකු ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවට පැවැසෙන කතාව සත්‍ය දැයි විමසූ විට ව්‍යවස්ථානුකූලව සුදුසුකම් සපුරන ඕනෑම අයකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු ලබා දී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon