මහනුවර රෝහලේ වකුගඩු රෝගීන් තුන්දෙනකු එකදිගට මියගිහින්

  👤  2951 readers have read this article !
By mawbima 2017-01-12

මහනුවර - කමල් සුරවීර

• මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනකු ඉකුත් 08 දින කෙටි වේලාවක් තුළ මරණයට පත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විශේෂඥ කණ්ඩායමක් මහනුවරට පැමිණ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

මරණයට පත්වූ රෝගීන් දෙදෙනකු ස්ථීර වශයෙන්ම ඉන්ෆ්ලුවන්සා ඒ ඩ්/ ව්/ නම් රෝගය හේතුවෙන් මරණයට පත්ව ඇති බව මරණ පරීක්ෂණයෙන් හෙළි වූ බවත් අනෙක් රෝගියාද එම රෝගයම වැලඳීමෙන් මරණයට පත්ව ඇති බවට සැක කරන බවත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා කීය. මේ රෝගීන් ප්‍රතිකාර ගත් පරිශ්‍රය ජීවානුහරණය කොට උණ රෝගීන් වෙනුවෙන් වෙන් කළ බවද එහි සිටි වකුගඩු රෝගීන් වෙනත් ස්ථාන කරා යොමු කළ බවද ඒ මහතා පැවැසීය. ආසාදන මර්දන විශේෂ කණ්ඩායමකගේ උපදෙස් මත රෝගය පැතිර යෑම වැළැක්වීම උදෙසා විධිමත් ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ඒ මහතා කීය.
මහනුවර මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිශ්ශංක විජේවර්ධන මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ මේ රෝගය ආසාදනය වූ රෝගීන් 6 දෙනකු මේ වන විට වකුගඩු ඒකකයෙන් හමුව ඇති බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon