විමල්ට ගෙදරින් කන්න පුළුවන්

  👤  2991 readers have read this article !
By mawbima 2017-01-12

ජේ.ටී. ද සිල්වා

• රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ සඳහා සිය නිවෙසින් ආහාර රැගෙනවිත් ලබාදීමට බන්ධනාගාර අධිකාරිය ඊයේ (11දා) අවසර ලබා දී ඇත.

වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ මහත්මිය විසින් බන්ධනාගාර අධිකාරි වෙත කරන ලද ලිඛිත ඉල්ලීමට...අනුව මේ අවසරය ලබාදුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ 'ඊ' වාට්ටුවේ රඳවා සිටින වීරවංශ මහතා බැලීමට බන්ධනාගාර රෝහල් වෛද්‍යවරයකුද ඊයේ උදේ පැමිණි බව එම ආරංචි වැඩිදුරටත් සඳහන් කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්