රවිරාජ් නඩු තීන්දුව අහෝසි කරන්න

  👤  2956 readers have read this article !
By mawbima 2017-01-12

ඉෂාර රත්නකාර

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රි නඩරාජා රවිරාජ් නඩුවේ තීන්දුව අහෝසි කර එම නඩුව නැවත විභාග කිරීමට කොළඹ මහාධිකරණයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා අභියාචනාධිකරණය වෙත ඊයේ (11දා) විශේෂ ඇපෑලක් ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රි නඩරාජා රවිරාජ් මහතාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව ඉකුත් 2016 දෙසැම්බර් 24 වැනිදා අලුයම ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී ජූරි සභාවේ ඒකමතික තීරණය අනුව කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා විත්තිකරුවන් සියලු දෙනා නි‍ෙදාස් කොට නිදහස් කරනු ලැබිණි.

අදාළ නඩුව විභාග කෙරුණු විශේෂ ජූරි සභාව හමුවේදී මහාධිකරණ විනිසුරුවරයා විසින් නඩුව සම්බන්ධයෙන් නීතිමය කරුණු ප්‍රමාණවත් අයුරින් පැහැදිලි කිරීමක් සිදු නොකළ බව සිය ඇපෑල මඟින් පෙන්වා දෙන නීතිපතිවරයා අදාළ නඩුව මධ්‍යම රාත්‍රිය ඉකුත් වනතුරුම පවත්වාගෙන යෑමෙන් පැමිණිලි පාර්ශ්වයට බලවත් අගතියක් සිදුවූ බව අභියාචනාධිකරණය වෙත දන්වා තිබේ.

ඒ අනුව අදාළ නඩුවේ තීන්දුව අහෝසි කර නැවත එම නඩුව විභාග කරන ලෙසට නියෝගයක් කරන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon