කැලණියේ කොල්ලකන කල්ලියක් ගැන පොලිසිය සීරුවෙන්

  👤  3025 readers have read this article !
By mawbima 2017-01-12

චාමර අමරසූරිය

කැලණිය ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බරපතළ ගණයේ ආයුධ සන්නද්ධ කොල්ල කල්ලියක් පිළිබඳව විමසිල්ලෙන් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.

මේ කොල්ල කල්ලිය පුද්ගලයන් දෙදෙනකුගෙන් සමන්විත වන අතර මොවුන් මුහුණු ආවරණය කරන ලද හෙල්මට් සහිතව කළු පැහැති යතුරුපැදිවලින් වත්තල, කිරිබත්ගොඩ, වැලිසර, ජාඇළ යන පොලිස් වසම්වල මහ මඟ ගමන් ගන්නා මගීන් සතු දේපළ, ඉන්ධන පිරවුම්හල් සහ මූල්‍ය ආයතන 2ක කොල්ලකෑම් සිදු කර ඇතැයි ද මේ කොල්ලකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා පොලිසිය මේ වන විටත් විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon