දූෂණ වංචා සෙවීමේ පරීක්ෂණවල ප්‍රමාදයක්

  👤  3035 readers have read this article !
By mawbima 2017-01-12

දෙනගම ධම්මික රණවීර

දූෂණ වංචා සෙවීමේ සියලුම පරීක්ෂණවල ප්‍රමාදයක් තිබෙන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (11දා) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවැසීය.

පරීක්ෂණ කරන ආයතන සියල්ල බදාගෙන වැඩ කරන බවත් එම ආයතන බිහි කෙළේ මිනී මැරුම් හා රුපියල් බිලියන ගණනේ මහා පරිමාණ වංචා දූෂණ සෙවීමට බවත් ඔහු පැවැසීය.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු ප්‍රමාදවීම ගැන නැඟෙන චෝදනාව ගැන මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු එසේ පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon