වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජාතික වෙළෙද ප්‍රතිපත්තියක් ඉල්ලයි

  👤  2985 readers have read this article !
By mawbima 2017-01-12

ජේ.ටී. ද සිල්වා

ලෝක වෙළෙඳ සංවිධානය පවා නිර්දේශ කර ඇති ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සකසන තෙක් රජයට දැඩි බලපෑම් එල්ල කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කළ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද පවසයි.

අන්තර් ජාතික වෙළෙඳ හා සේවා ගිවිසුම් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් බිහිකිරීම මෙතෙක් සිදුකර නොමැති බවත් එට්කා ගැන අවධානය වෙනතකට යොමුකරමින් චීනය හා සිංගප්පූරුව වැනි රටවල් සමඟ කිසිදු වගකීමක් හා වගවීමකින් තොරව අන්තර්ජාතික වෙළෙඳ ගිවිසුම් අස්සන් කිරීම සඳහා කටයුතු සිදුවන බවට තොරතුරු ලැබෙමින් පවතින බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද සඳහන් කරයි.

විද්වත් වෘත්තිකයන් හා වෘත්තීය සමිතිවලින් සමන්විත, වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ පෙරේදා (10දා) තීරණාත්මක සාකච්ඡාවක නිරත වූ බවත් මේ සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රබලම වෘත්තීය සමිතිවල සහභාගිත්වය කැපී පෙනුණ බවත් හෙතෙම පැවැසීය.

පිටරට ගැති, මේ රට විකිණීම තේමාකරගත් 'ආර්ථික විද්වතුන්' යැයි හඳුන්වන පිරිසක්, ජාතික ප්‍රතිපත්තියකින් තොරව ගිවිසුම් ගතවීමට බලධාරීන් හා දේශපාලනඥයන් යොමු කරමින් සිටින බවත් වෛද්‍ය සමන්ත ආනන්ද සඳහන් කෙළේය.

අනාගත දැක්මක් නොමැතිව සිදුවන මෙවැනි කටයුතු නිසා රටට සිදුවන අගතිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මේ රටේ ජනතාවට නැවත නැවත ඒත්තු ගන්වා ඇතැයිද ලේකම්වරයා පැවැසීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේ ඊයේ (11දා) පැවැති මාධ්‍ය හමුවේදී මේ තොරතුරු අනාවරණය කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon