මාතර මහාධිකරණයෙන් දවස් 2කදී 9දෙනකුට මරණ දඬුවම

  👤  2938 readers have read this article !
By mawbima 2017-01-12

මාතර එම්.සී. දුෂාන්ත  , උදය කුමාර රණවීර  ,ඉෂාර රත්නකාර

ප්‍රේම සබඳතාවකට විරුද්ධ වූ 44 හැවිරිදි පුද්ගලයකුට පොලුවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා පවරා තිබූ නඩුවේදී වරදකරුවන් වූ කාන්තාවන් තිදෙනකු ඇතුළු 5 දෙනකුට මාතර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (11දා) මරණීය දණ්ඩනය නියම කෙළේය.

මෙසේ මරණ දඬුවම නියම වූයේ ගන්දර පොලිස් වසමේ පදිංචිව සිටි පුෂ්පකරන් මිත්‍ර කුමාර, ප්‍රියානි කරුණානායක, රංජනී කරුණානායක, අයිරාංගනී කරුණානායක, සංජීව ප්‍රියන්ත ජයසිංහ යන අයටය.

2009 ජනවාරි 15 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී දික්වැල්ල කෝට්ටගොඩ ප්‍රදේශයේදී ඉලංගසිංහ චන්ද්‍රදාස (44) යන අයට පොලුවලින් පහරදී මරණය සිදුකිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මාතර මහාධිකරණයේ අධි චෝදනා ගොනු කරනු ලැබ තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධි නීතිඥ නුවන් කෞශල්‍ය මහතා සමඟ අධි නීතිඥ සමදනී පියසේන මහතා අධිකරණයේ පෙනී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon