වෙළෙඳ සේවා "සී" කාණ්ඩයේ පන්දුවාර 50 ලීග් ක්‍රිකට් තරගාවලියට බී.එම්.ඩබ්ලිව් සහ හුන්ඩායි සවිය

  👤  2961 readers have read this article !
By mawbima 2017-01-12

කෝසල ගමගේ

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය 2017 වසර වෙනුවෙන් සංවිධානය කරන වෙළෙඳ සේවා "සී" කාණ්ඩයේ පන්දුවාර 50 ලීග් ක්‍රිකට් තරගාවලියට අනුග්‍රාහක දායකත්වය සැපයීමට ප්‍රෙස්ටිජ් ඔටෝමොබයිල් පෞද්ගලික සමාගම (නපඥඵබඪඨඥ චභබධථධඡඪතඥ (නමබ) ඹ්බඤ) ඉදිරිපත්ව සිටී.

මේ දක්වා 5 වතාවක් වෙළෙඳ සේවා 'සී' කාණ්ඩයේ පන්දුවාර 50 ලීග් ක්‍රිකට් තරගාවලියට අනුග්‍රාහක දායකත්වය සපයා ඇති ප්‍රෙස්ටිජ් ඔටෝමොබයිල් පෞද්ගලික සමාගමේ අනුග්‍රහයෙන් තරගාවලියේ ජයග්‍රාහකයන්ට "බී.එම්.ඩබ්ලිව්./හුන්ඩායි" නමින් ශූරතා කුසලානය පිරිනැමීමටද කටයුතු යොදා ඇත. වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සාමාජික කණ්ඩායම් 10ක් තරග වදින මෙවර තරගාවලියට ඩී.එච්.ටී. සිමෙන්ති කණ්ඩායම අලුතින් එක්ව සිටී.

ඒ අනුව කණ්ඩායම් 10 'ඒ' සහ 'බී' ලෙස කාණ්ඩ දෙකක් යටතේ ලීග් ක්‍රමයට මූලික වටයේදී තරග වැදීමට නියමිත අතර දෙවැනි වටයේදී පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමයට තරග පැවැත්වීමට නියමිතව ඇත. එලෙස මූලික වටයේදී පැවැත්වීමට නියමිත තරග 20 පසුගියදා ආරම්භ වූ අතර ලබන පෙබරවාරි 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.අනතුරුව 'ඒ' සහ 'බී' යන කාණ්ඩ දෙකෙහි දක්ෂතම කණ්ඩායම් 8 පෙබරවාරි 11 සහ 12 යන දිනයන් හි අර්ධ අවසන් පූර්ව වටයට සහභාගි වීමට නියමිත අතර තරගාවලියේ අවසන් පූර්ව තරග පෙබරවාරි 18 වැනිදාත්, අවසන් මහා තරගය පෙබරවාරි 25 වැනිදාත් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ සහ අනුග්‍රාහක චෙක්පත පිරිනැමීමේ මාධ්‍ය හමුවක් පසුගියදා වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් ප්‍රධාන කාර්යාලයේදී පැවැති අතර එහිදී හුන්ඩායි ලංකා පෞද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂ ජුලියන් රීටර් මහතා අතින් වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති නිරාන් මහවත්ත මහතා වෙත අනුග්‍රාහක චෙක්පත පිරිනමන අයුරු ඡායාරූපයේ දැක්වේ. නිරංග පීරිස්, රංජිත් ජයවර්ධන, නලීන් වික්‍රමසිංහ සහ සුජීව ද සිල්වා යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon