රග්බි තීරකවරුන් ඇගැයීමේ පළමු සම්මාන උළෙල හෙට

  👤  2824 readers have read this article !
By mawbima 2017-01-12

ශ්‍රී ලංකා රග්බි ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙරට රග්බි ක්‍රීඩාව වෙනුවෙන් විශාල සේවාවක් කළ රග්බි තීරකවරුන් ඇගයීමේ උළෙලක් සංවිධානය කර ඇති අතර මෙම උත්සවය මේ මස 13දා (හෙට) සවස කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්වෙනු ඇත.

ඩයලොග් ආසියාටා සමාගමේ පූර්ණ අනුග්‍රහය ඇතිව පැවැත්වෙන මෙම සම්මාන උළෙල ශ්‍රී ලංකා රග්බි පාපන්දු තීරකවරුන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන අතර ශ්‍රී ලංකා රග්බි පාපන්දු තරග තීරකවරුන්ගේ සංගමයේ සභාපති නිසාම් ජමල්ඩීන් පැවැසුවේ තම සංගමයේ කමිටු සාමාජිකයන්ගේ රැස්වීමකින් අනතුරුව මෙවන් ඇගැයීමේ උළෙලක් සංවිධානය කිරීමට තීරණය කළ බවයි.

මෙසේ ප්‍රථම වතාවට පැවැත්වෙන රග්බි තරග තීරකවරුන් ඇගැයීමේ උළෙලේදී ප්‍රධාන අංශ 6ක් යටතේ ඔවුන්ගේ සේවාවන්ට අදාළව සම්මාන පිරිනැමීමට නියමිත අතර පළමුවෙන්ම තරග තීරකවරුන්ගේ සංගමයේ හිටපු සභාපතිවරුන් ඇගැයීමට ලක් කිරීම ඒ අතර ප්‍රධාන තැනක් ගනු ඇත. ඊට අමතරව එම සංගමයේ සාමාජිකත්වය දරමින් රග්බි ක්‍රීඩාවට ඉමහත් සේවයක් කළ තරග තීරකවරුන් මෙන්ම ප්‍රධාන තරග නිලධාරීන්ද ඇගැයීමට ලක්වීම මෙම උළෙලේදී සිදුකෙරෙනු ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්