ඩෙංගු මදුරුවන් බෝවෙන තැන් බලන්න ගිය සෞඛ්‍ය කමිටු සාමාජිකාවන් දෙදෙනකුට තර්ජනය කර එළවලා

  👤  2861 readers have read this article !
By mawbima 2017-01-12

දික්වැල්ල - සිරි ලන්දගේ

ඩෙංගු මදුරුවන්, බෝවන ස්ථාන පරීක්ෂා කිරීමට ගිය, ‍ෙදාඩම්පහළ උතුර, සෞඛ්‍ය කමිටුවේ සාමාජිකාවන් දෙදෙනකුට, දික්වැල්ල අලුත්ගොඩ ප්‍රදේශයේ නිවෙසක දී, රජයේ කාර්යාලයක ඉහළ නිලධාරියකු තර්ජනය කර ඔවුන් පරිශ්‍රයෙන් පිට කළ බවට එම ස්වේච්ඡා සාමාජිකාවෝ, දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට පැමිණිලි කර තිබේ.

මේ පිළිබඳව කාර්යාලයේ වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.පී.කේ. ක්‍රිෂාන්ත මහතා වෙත පැමිණිලි කළ එල්. එච්. චන්ද්‍රානි හා ටී. එච්. නිශාන්ති යන සෞඛ්‍ය කමිටු සාමාජිකාවෝ මෙසේ පැවැසූහ.

අපි කාගේත් යහපත සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා මෙම කමිටුවට බැඳිලා පී.එච්. අයි. මහත්වරුන්ගේ උපදෙස් අනුවයි මෙහෙම පරීක්ෂා කරන්න ගියේ. වතුර ටැංකියක් ආවරණය කර තිබූ රෙද්ද ඉවත් කරද්දී මදුරුවෝ විශාල වශයෙන් සිටියා. එහි ඇතුළත මදුරුවන් හිටියා. ඒ මහත්තයා ඇවිල්ලා අපිට බැන්නා.

මේ පිළිබඳව විමසීමේදී වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්‍රිෂාන්ත මහතා පැවැසුවේ, නිලධාරීන් කිහිපදෙනකුට ග්‍රාම නිලධාරි කොට්ඨාස 48ක නිවාස 20,000කට අධික ප්‍රමාණයක් තියෙනවා. මේ සියල්ල පරීක්ෂා කරන්න නිලධාරීන්ට තනිවම බෑ. ඔවුන්ට තවත් බොහෝ රාජකාරි තිබෙනවා. ඒ නිසා අපි මේ වගේ සෞඛ්‍ය කමිටු පිහිටුවලා ඔවුන්ට ඉතාමත් විධිමත් පුහුණුවක් ලබා දීලා මෙම නිවාස පරික්ෂා කිරීම සඳහා යොදවා තිබෙනවා ඉහළ නිලධාරීන්ගේ උපදෙස් ඇතිව.

කෙසේ වෙතත් නිලධාරීන්ට පමණක් ඩෙංගු මර්දන කටයුතු කරන්න බෑ. ජනතාවගේ සහාය අත්‍යවශ්‍යයි. මෙම කමිටු මඟින් වාර්තා කරන ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පවත්වාගෙන යන නිවාස යළිත් නිලධාරීන් පරීක්ෂා කරනවා. අපි උත්සාහ කරන්නේ නීතියට ගෙනියන්න කලින් දැනුවත් කර ඒ තත්ත්වය වළක්වාලීමයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්