අට දෙනකු අරන් ගිය ත්‍රීරෝදරිය ලොරියක හැපිලා

  👤  2909 readers have read this article !
By mawbima 2017-01-12

මහනුවර තෙල්දෙණිය මාර්ගයේ බලගොල්ල යුද හමුදා කඳවුර ඉදිරිපිටදී ත්‍රිරෝද රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් අට දෙනකු තුවාල ලැබ මහනුවර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර ඊයේ (10දා) පෙරවරු 6.30ට පමණ සිදුව තිබෙන අතර තුවාලකරුවන් අතරින් දෙදෙනකු මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ රියැදුරු සමඟ අවුරුදු 07, 09 හා 11 වයසේ පසුවන ළමයින් තිදෙනකු හා තවත් වැඩිහිටියන් සිවුදෙනකු සිට ඇති බව පොලිස් පරීක්‍ෂණ මඟින් අනාවරණය වී තිබේ.

වැඩිහිටියකු හා කුඩා ළමයකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙන බව මහනුවර මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නිශ්ශංක විජේවර්ධන මහතා කීය.
ලොරි රථයේ රියැදුරු බලගොල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon