හොර ගව ඝාතකාගාරයක් වටලා 4ක් අත්අඩංගුවට

  👤  2903 readers have read this article !
By mawbima 2017-01-12

ගාල්ල - ලලිත් රුහුණගේ සහ කේ.ඒ.එස්. කුමාර

ගාල්ල දංගෙදර ප්‍රදේශයේ අනවසරයෙන් පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් වටලා ගව මස් කිලෝ 250ක් සමඟ පුද්ගලයන් සිවු දෙනකු ගාල්ල පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක අංශය මඟින් ඊයේ (11දා) පෙරවරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම ගව ඝාතකාගාරය වටලා ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් ගිංතොට ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. මින් එක් සැකකරුවකු නීති විරෝධී ලෙස ගවයන් ප්‍රවාහනය කිරීමට සම්බන්ධ ජාවාරම්කරුවකු බව පවසන පොලිසිය ඔහුට අධිකරණය මඟින් වරෙන්තුවක් නිකුත් කොට ඇති බවද පවසයි.
අත්අඩංගුවට ගත් ගව මස් හා සැකකරුවන් සිවු දෙනා ඊයේ (11දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ගාල්ල පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon