උතුරේ ජනතාවගේ ගැටලු කඩිනමින් විසඳිය යුතුයි

  👤  2935 readers have read this article !
By mawbima 2017-01-12

වවුනියාව - මාධව කුලසූරිය

සෑම ජන කොටසකට එකඟ විය හැකි පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කළ යුතු බව ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.
උතුරු පළාතේ ජනතාවගේ අපේක්ෂාව වන්නේ ආණ්ඩුව සමඟ එක්ව දෙමළ ජනතාවගේ ගැටලු සඳහා විසඳුමක් ලබා ගැනීම බවත් හෙතෙම පැවැසුවේය.

සුමන්තිරන් මහතා වැඩිදුරටත් කීවේ වර්තමානයේ උතුරු පළාතේ ජනතාව වෙත පවතින ප්‍රධාන ගැටලුව බවට ආරක්ෂක අංශ සතු ඉඩම් නිදහස් නොකිරීම දැක්විය හැකි අතර අදාළ ඉඩම් ගැටලුව විසඳීම වෙනුවෙන් රජය කඩිනමින් අවධානය යොමු කළ යුතු බවයි.

උතුරේ නැවත පදිංචි ජනතාවගේ ගැටලු සඳහා විසඳුම් ලබාදීම රජයේ යුතුකමක් වන බවද ඔහු සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon