බලය විමධ්‍යගත කරන්නැයි ඉල්ලා විරෝධතාවක්

  👤  2958 readers have read this article !
By mawbima 2017-01-12

ත්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ

උතුරු නැඟෙනහිර එක්කර බලය විමධ්‍ය ගත කරන ලෙසත් දේශපාලන සිරකරුවන් නිදහස් කර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙසත් ඉල්ලා ඊයේ (11දා) ත්‍රිකුණාමලය සිවිල් සංවිධාන එකමුතුව ඇතුළු වරාය පාරේ විරෝධතාවක් පැවැත්වීය.

සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් පැය කිහිපයක් පුරා පැවැති මෙම විරෝධතාවට ප්‍රදේශයේ කතෝලික හා හින්දු ආගමික නායකයෝ ඇතුළු සියයකට ආසන්න දෙමළ ජනතාවක් එක්ව සිටියහ.

සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු බවත් නිදහස් කළ නොහැකිව සිටින අයවලුන්ට චෝදනා ඇත්නම් නඩු දැමීම කළ යුතු බවත් අතුරුදන් වූවන්ට වන්දි ලබා දීම ජාත්‍යන්තර යුද අධිකරණය පිහිටුවා අවසන් සටනේදී මියගිය අයට සාධාරණය ඉටු කිරීමටද සිදුවිය යුතු යැයි විරෝධතාවට එක්වූ පිරිස් කියා සිටියහ.

මේ අවස්ථාවට ත්‍රිකුණාමලය දිසාවේ රදගුරු ක්‍රිස්ටි නොයෙල් එම්මානුවෙල් හිමිපාණන් විරෝධතාකරුවන් අතරට පැමිණ ඔවුන්ගේ අදහස්වලට සවන් දෙනු ලැබීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon