හෙරොයින් පැකට් 2ක් අරන් මාරු වෙන්න ගිය දෙදෙනා මාට්ටු

  👤  2878 readers have read this article !
By mawbima 2017-01-12

ගාල්ල ලලිත් රුහුණගේ සහ කේ. ඒ. එස්. කුමාර

හා පැටවුන් දෙදෙනකුට කෑම සොයන මුවාවෙන් පොලිසිය මුළා කොට ඊසිකෑෂ් ක්‍රමයට ලබාගත් හෙරොයින් පැකට් දෙකක් රැගෙන යෑමට සූදානම්වූ පුද්ගලයන් දෙදෙනකු හෙරොයින් මිලිග්‍රෑම් හතළිහක් සමඟ කදුරුදූවේදී අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.

ගාල්ල අකුරැස්ස මහා මාර්ගය ඔස්සේ යමින් සිටි හබරාදුව පොලිසියේ නිලධාරීන් පිරිසක් කදුරුදූව ප්‍රදේශයේ විදුලි කණුවක් මුල යමක් සොයමින් සිටි පුද්ගලයන් දෙදෙනකු දැක නතර කර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් පැමිණි යතුරුපැදියේ ඉදිරිපස පෙට්ටියක දමා සිටි හා පැටවුන් දෙදෙනකු පෙන්වා ඔවුන්ට කෑම සොයන බව පොලිසියට පවසා ඇත.

එහෙත් පොලිස් නිලධාරීන් මොවුන් දෙදෙනා පැවසූ කතාව විශ්වාස නොකර පරීක්ෂා කිරීමේදී ඔවුන් ළඟ තිබී හොරොයින් පැකට් දෙකක් සොයා ගැනීමට හැකිවී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්