පිම්මේ ආ ඉන්ටර්සිටි බසය කහ ඉරේ ගිය මගියකුත් හප්පා ලොරියක ගැටිලා

  👤  2946 readers have read this article !
By mawbima 2017-01-12

හාරිස්පත්තුව - විජයරුවන් හල්ඔලුව

මහනුවර _ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ යටිවාවල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් බරපතළ තුවාල සිදුවූ තිදෙනකු මහනුවර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

කුරුණෑගල දෙසින් මහනුවර දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස්රථයක් පසුගියදා (9දා) රාත්‍රියේ යටිවාවල නගරයේ කහ ඉරේ ගිය පදිකයකුගේ ඇඟේ ගැටී මහනුවර දෙසින් කුරුණෑගල දෙසට ආ ලොරියක ගැටී තිබේ.

පදිකයාගේ සහ ලොරි රථයේ ගැටුණු බස්රථය අනතුර සිදුවූ ස්ථානයේ සිට මීටර් 11ක් පමණ දුරක් මහා මාර්ගයේ ඇදී ගොස් කුඹුරකට පෙරළී ඇති අතර ලොරි රථයද මාර්ගයෙන් ඉවතට පෙරළී ඇත. මෙම අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ රියැදුරු හා කොන්‍ෙදාස්තර පමණක් සිට ඇති බැව් පැවසෙන අතර මගීන් සිටියා නම් ඔවුන්ටද බරපතළ තුවාල සිදුවීමට ඉඩ තිබුණු බවද වාර්තාවේ.

අනතුරින් පාර මාරුවෙමින් සිටි පදිකයා, බස් රථයේ රියැදුරු හා කොන්‍ෙදාස්තර තුවාල ලබා ඇති අතර පදිකයාගේ තත්ත්වය බරපතළ බවද පොලිසිය සඳහන් කරයි. අනතුරින් බස් රථයට හා ලොරි රථයටද දැඩි අලාභහානි සිදුව තිබේ. අධික වේගයෙන් අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම නිසා මෙම අනතුර සිදුව ඇති බව කටුගස්තොට පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියෙක් මව්බිමට පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon