ටියුෂන් ගොස් එද්දී මුහුදේ නාන්න ගිය මිතුරන් 7කගෙන් අයෙක් මරුට

  👤  2910 readers have read this article !
By mawbima 2017-01-12

මාතර - දර්ශන කොඩිතුවක්කු, කඹුරුගමුව - එස්. එම්. බන්දු

වැලිගම ප්‍රදේශයේ උපකාරක පන්තියකට ගොස් ආපසු එන ගමන් වැලිගම පැලෑන මුහුදෙහි දියනෑමට ගිය සම වයසේ මිතුරන් හත් දෙනකුගෙන් එක් අයකු දියනාමින් සිටියදී රළ පහරකට හසුව පෙරේදා (10දා) ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම පොලිසිය පවසයි.

මිතුරන් හත් දෙනකු සිය උපකාරක පන්තිය අවසන් වීමෙන් පසුව මුහුදු තීරයට පැමිණ දියනාමින් සිටියදී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී තිබේ. දියඹට ගොස් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගොඩපිටිය මහා විද්‍යාලයේ 11 ශේ‍ර්ණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි මරෙන්තුඩුව සචින් ජයසිංහ නමැති පාසල් ශිෂ්‍යයෙකි. ඔහු මාදුවත්ත මහගෙදර ගාල්ල පදිංචිකරුවෙකි. පෙරේදා (10දා) සවස 3ත් 4ත් අතර කාලය තුළ මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති අතර සැඩ පහරට හසුව දියඹට ඇදී ගොස් ජීවිතක්ෂයට පත් සිසුවාගේ මෘත ශරීරය එදින සවස 5.25ට පමණ සොයාගෙන තිබේ.වැඩිදුර විමර්ශන කටයුතු වැලිගම පොලිසිය ආරම්භ කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon