පොහෝදාට වැඩි මිලට විකුණන්න කසිප්පු බෝතල් 67ක් ගේ ඇතුළේ සඟවාගෙන සිටි හැඩකාරිය මාට්ටු

  👤  2949 readers have read this article !
By mawbima 2017-01-12

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

පොහොය දිනයේ වැඩි මිලට අලෙවි කිරීමට නිවෙසේ සඟවා තිබූ කසිප්පු බෝතල් හැටහතක ප්‍රමාණයක් සමඟ ජාවාරමේ නිරතවූ රූමත් තරුණ කාන්තාවක් මිහින්තලය, කල්ලංචිය පොලිස් මුරපොළේ හා මිහින්තලය පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (10දා) අත්අඩංගුවට ගෙන තිබේ.

මිහින්තලය කල්ලංචිය පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයාට පොහොය දිනයේ විකිණීමට කසිප්පු බෝතල් තොගයක් සූදානම් කර තිබෙන බවට ලැබුණු තොරතුරක් මත මිහින්තලය පොලිස් වසමේ ලබුවැව හැටේවත්ත ප්‍රදේශයේ පිහිටි නිවෙසක් වටලා කාමරයක සඟවා තිබුණු කසිප්පු බෝතල් 67 සමඟ 25 හැවිරිදි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය පොහොය දිනයේ වැඩි මිලට අලෙවි කිරීම සඳහා මෙම මත්පැන් බෝතල් තොගය නිවෙසේ සඟවාගෙන සිට ඇති බවත්, එක් කසිප්පු බෝතලයක් පොහොය දිනයේදී රුපියල් 500 ඉක්මවූ මුදලකට අලෙවි කරන බවත් පොලිසිය පැවැසුවේය.

මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්මාල් රත්නායක මහතාගේ උපදෙස් මත කල්ලංචිය පොලිස් මුරපොළේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයරත්න, මිහින්තලය පොලිසියේ දූෂණ මර්දන අංශයේ උප පොලිස් පරීක්ෂක දයානන්ද, පොලිස් කොස්තාපල්වරුන් වන ජයතිලක (45923), හේරත් (51602) ඇතුළු නිලධාරීන් වැටලීම සිදුකර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon