හිතවත්කම්වලට වී තොග නිකුත් කළේ නෑ

  👤  2925 readers have read this article !
By mawbima 2017-01-12

ආරියරත්න ගනේගොඩ

ඉල්ලුම් කරන ලද වැඩි මිල ගණන්වල අනුපිළිවෙළ අනුව මිස, කිසිම තැරව්කරුවකුට හෝ හිතවත්කම්වලට හෝ වී තොග නිකුත් නොකළ බව වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී. දිසානායක මහතා 'මව්බිම'ට පැවැසීය. වී තොග නිකුත් කිරීමට අදාළව පළ කරන ලද පුවත්පත් දැන්වීමකට අනුව වී මෝල් හිමියන් 340 දෙනකු ලියාපදිංචි වූ බවත් ඉන් 261 දෙනකු මිල ගණන් ඉදිරිපත් කර තිබූ බවත් සභාපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව ඇතැම් මහා පරිමාණ මෝල් හිමියන්ට පවා වී මෙට්රික් ටොන් 500 කට වඩා හිමි නොවූ බවත්, අදාළ ලැයිස්තුව ඕනෑම අයකුට පරීක්‍ෂා කර බැලිය හැකි බවත් දිසානායක මහතා සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon