පෙබරවාරියේ සිට රණවිරු විශ්‍රාම වැටුප ගෙවීම ගැන ගැටලු රැසක්

  👤  2899 readers have read this article !
By mawbima 2017-01-12

ආරියරත්න ගනේගොඩ

මෙම පෙබරවාරි මාසයේ සිට ගෙවීමට නියමිත රණවිරු විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් ගැටලුවක්  මතුව ඇති බව 'මව්බිම' වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසයි. එහි කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න පැවැසුවේ රණවිරුවන්ගේ සේවා කාලය අනුව අදාළ විශ්‍රාමික වැටුප ගෙවීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවයි.

පෙබරවාරි මස විශ්‍රාම වැටුප ගෙවනවා කියලා ආණ්ඩුව කියනවා. හැබැයි අපි සොයා බලද්දී රණවිරුවන්ට ඒ රණවිරුවන්ගේ සේවා කාලය අනුව තමයි කටයුතු කෙරෙන්නෙ. එතැනදී ලොකු අසාධාරණයක් වෙනවා. රණවිරුවන්ගෙන් 3000 කට වඩා අඩු පිරිසකට එසේ වී තිබෙනවා.

හැබැයි ආබාධිත රණවිරුවෝ සහ මියගිය රණවිරුවන්ගේ ඥාතීන් සලකලා බැලුවහොත් රණවිරු පවුල් 44,000කට පමණ අදාළ ගැටලුවක් තිබෙන බව කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon