පුංචි ඡන්දය ගැන පක්‍ෂ නායකයන් තීරණයක් ගෙන නෑ

  👤  2827 readers have read this article !
By mawbima 2017-01-12

දෙනගම ධම්මික රණවීර

මීළඟ පළාත් පාලන මැතිවරණය පවත්වන ආකාරය පිළිබඳ පසුගියදා (9දා) පැවැති පක්‍ෂ නායක රැස්වීමේදී තීරණයක් නොගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළද අදාළ සාකච්ඡාවට සහභාගි වූ අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා 2012 අංක 22 දරන නව පනත අනුව සමානුපාතික හා කොට්ඨාස ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට තීරණය කළ බව ප්‍රකාශ කළහ.

සීමා නිර්ණය වාර්තාව ප්‍රකාශයට පත් කළද පවතින නීතිය යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ පවතින ගැටලුකාරී වාතාවරණය පිළිබඳ එහිදී සාකච්ඡා කළ බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මේ අනුව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය සහ පක්‍ෂ නායක රැස්වීමට සහභාගි වූ නියෝජිතයන්ගේ ප්‍රකාශ පරස්පර බවකින් යුතු බව හැඟෙයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්