දුවගේ ප්‍රේමයට තිත තියන්න තාත්තා මාළු කපන පිහිය පාවිච්චි කරලා

  👤  2918 readers have read this article !
By mawbima 2017-01-12

මාතර - එම්.සී. දුශාන්ත

කොටවිල වරකාපිටිය ප්‍රදේශයේදී පියකු විසින් මාළු කපන පිහියකින් විසි එක් හැවිරිදි දියණියක් කපා තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටවිල පොලිසිය විසින් හතළිස් හය හැවිරිදි පියා පෙරේදා (10දා) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

තුවාලකාරිය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇත.

තුවාලකාරිය පුද්ගලයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති බවත් ඇගේ මවුපියන් එයට විරුද්ධ වී ඇති අතර පසුව ඇය වෙනත් ප්‍රදේශයක නතර කර ඇති අතර ඇය විසින් මේ බව සම්බන්ධකම් පැවැත් වූ අයට දැනුම් දී ඇති බවත් පසුව ඔහු ඇය ඔහුගේ නිවෙසට ගෙන ගොස් ඇති බවත් කියති.

මේ බව දැනගත් තුවාලකාරියගේ පියා එම නිවෙසට ගොස් දියණියට බැනවැදී ඇති බවත් පසුව සැකකාර පියා ගොස් මාළු කපන පිහියක්ද රැගෙන නැවැත පැමිණ කුලී නිවෙසක් බැලීමට යෑමට එන ලෙසට දෙදෙනාටම කතා කර ඔවුන් කැඳවාගෙන ගොස් අනතුරුව දියණියට පහරදී තුවාල සිදු කර ඇති බවටද වාර්තා වෙයි.

කොටවිල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon